මිනිස් චාරිකා [9] – 2- හැනිබල්, රෝමය සහ කාර්තේජ් නගරය.

අනභිභවනීය යයි කියන ලද රෝමය, ‘හැනිබල්’ ගේ නායකත්වයෙන් යුතු වූ හමුදාවෙන් අන්ත පරාජයන්ට ලක් විය. මේ පසුපස සිටියේ අවුරුදු 29ක් වයසැති කාර්තේජියන් ජෙනරාල් කෙනෙක් වූ ‘හැනිබල් ’  විය.‘හැනිබල්’ එකළ නාවික බලයෙන් ඉහළ තැනක් තිබුණු ෆීනීශියන් ජාතිකයන්ගේ යුධ සෙනෙවියෙක් විය. ෆීනීශියන් වරුන්ට ‘කාර්තේජ්’ නම් යටත් විජිතයක් තිබිණ.

මේ ස්ථානය අද දින ‘ටියුනීසියාව’ සේ නම් කල රට තිබේ.     

සිසිලියත් උතුරු අප්‍රිකාවත් අතර ගමන් කල නැව් සියල්ල පාහේ කාර්තේජ් නගරය හරහා නැවතී යාම නිසා, කාර්තේජ් නගරය වැදගත් වෙළඳ නගරයක්ව පැවතිණි. ඒ කාලය රෝමය සමූහාණ්ඩුවක් සේ පැවතුනු කාලය විය. මේ වෙළඳාමේ නායකත්වය සඳහා රෝමය සහ කාර්තේජ් තරඟ කල අතර ඒ නිසාම මේ දෙපිරිස අතර විශාල විරසකයක් තිබිණ.

ෆීනීශියන් වරුන්ගේ නායකයෙක් වන ‘හැමිල්කාර්’ , ඔහුගේ පුත් ‘හැනිබල්’ සමඟ ස්පාඤ්ඤයට ගමන් කරන අතරතුර, පූජනීය අල්තාරයක් ඉදිරියේ හැනිබල් ගෙන් දිව්රීමක් ගත්තේ,   …” සැමවිටම රෝමයට විරුද්ධ වන සේ මෙන්ම කිසිදින ඔවුන්ට යටත් නොවෙමි”…සේය. .

ක්‍රිස්තු පූර්ව 264-146 කාලය තුල රෝමන් වරු සහ ෆීනීශියන් වරු අතර ප්‍රධාන සටන් තුනක් ඇති විය. කෙමෙන් මුහුදේ බලයද ලබා ගත් රෝමන් වරු සහ, එවකට මුහුදේ විශාල නැව් ප්‍රමාණයක් හිමිව සිටි ෆීනීශියන් වරු එකිනෙකා අතර තිබූ විරෝධය විශාල වූ හෙයින්, සටනක් ඇති වීම අනිවාර්ය විය.

‘හැනිබල්’ හමුදාවේ නායකයා වීම සමඟ ඔහුට තම පියා ඉදිරියේ වූ දිව්රීම සිහි විය. එසේ හෙයින් රෝමය ජය ගත යුතුය යන්න ඉටා ගත් ඔහු, ඊට ලඟා විය යුත්තේ මුහුදෙන් නොව ගොඩ බිමෙන් යන්න බව තේරුම් ගත්තේය. ඇතුන් ගෙන් සමන්විත විශාල හමුදාවක් යොදා ඔහු මාස පහකින් ස්පාඤඤය යටත් කර පිරනීස් කඳු වැටි වලින් ඔබ්බට ඉතාලිය දෙසට ගියේය.

මෙහිදී ඔවුන්ට මේ ඇතුන් කෙසේ ලබුනාදැයි ප්‍රශ්ණයකි. මේ අලි ඇතුන් අප්‍රිකාණු අලි ඇතුන් නොවෙන්නට ඇත. මක්නිසාදයත්, අප්‍රිකාණු අලි ඇතුන් හීලෑ කිරීම ඉතා අපහසු මෙන්ම එවැනි හීලෑ කිරීමක් එකළ අසන්නට නොතිබුණු හෙයිනි. මෙහි තේරුම, මේ අලි ‘ආසියාවෙන් ‘, ‘සේද මාවත හරහා  ගෙන එන්නට ඇත යන්නය. පුරාණයේ සිට ලංකාව අලි ඇතුන්ට ප්‍රසිද්ධ වූ නිසා, මේ අලි ඇත් සේනාව ලංකාවෙන් ගෙන ආවාදෝ දැයිද සේ සැක කල හැක.

කෙසේ හෝ පිරනීස් කඳු වලින් එහා සිටි ‘ගෝල් ජාතික්‍යන් මිත්‍ර කර ගැනීමට හැනිබල්ට  හැකි වීම මේ සටන් ජයග්‍රහණය කිරීමට විශේෂ හේතුවක් විය.රෝමන් වරුන් යටතේ සිටි ඔවුන්ට හැනිබල් නිදහස ලබා දුන්නේය. පසුව ඔවුන්ගේ සහාය ඇතිව හැනිබල් විසින් රෝමයට පහර දීමේදී, රෝමන් වරු ගෝල් වරුන් ගෙන් දැඩි ප්‍රහාර ලැබූහ.

ඔහුගේ නායකත්වය යටතේ සටන් කල ඇත් අලි සේනාව ඇතුළු යුධ භටයන් ඇල්ප්ස් කඳු තරණය කර, රෝමන් නගර 400ක් යටත් කර සහ ඔවුන්ට විරුද්ධ වූ මිනිසුන් 300,000 ක් සහ පළපුරුදු රෝමන් යුධ භටයන් 48,000 ක් ඝාතනය කිරීම, අද දින වුවද යුධ විශේෂඥයන් මවිතයට පත් කරන දෙයකි.

මේ ඝාතන සංඛ්‍යාව විනාඩියකට මිනිස් ජීවිත 500 කි !

ඔහුගේ ජයග්‍රහණයට මූලික හේතුවක් වූයේ ඔහුගේ සේනාව ඉතාලියේ සිටි ගෝල් වරුන් නිසා දෙගුණයකින් වැඩි කර ගැනීමට හැකි වීමය. මුලින් මේ ගෝල් ජාතිකයන් ඉතාලියට විදේශිකයෙක් වූ ඔහුට සහ ඔහුගේ සේනාවට සම්බන්ද වීමට එතරම් කැමැත්තක් නැති වුවද, හැනිබල් ගේ දක්ෂතාවයන් දැක යුධ සේනාවට එකතු වූහ.

‘ලිවී’ යන රෝමන් ඉතිහාසඥයා, හැනිබල් සහ ඔහුගේ හමුදාව ගැන විස්තරයක් ලියා ඇත. ඔහු කියන ආකාරයට, ‘හැනිබල්’ කිසිම දෙයකින් සැලුණේ නැති පුද්ගලයෙක් විය. අව්ව, වැස්ස, දැඩි සීතල, හිම හෝ පින්න ඔහුගේ ගමන නැවැත්වීමට බාධාවක් වූයේ නැත.

යුධ හමුදාවේ නායකයා වුවද ඔහු නිදා ගත්තේ සුව පහසු ඇඳක නොවේ. සාමාන්‍ය සොල්දාදුවෙක්ගේ ඇඳුමක් හැඳ ගත් ඔහු තණ බිමේ සැතපීම සාමාන්‍ය දර්ශනයක් විය.

ඔහුගේ හමුදාවේ අප්‍රිකානුවන්, ස්පාඤඤයන් සහ ගෝල් වරුන් සිටි හෙයින් ඒ අතර සිටිය හැකි සතුරන් කොයි මොහොතක ඔහුව ඝාතනය කරන්නේ යයි සැකයක් ඔහුට තිබිණ. එහෙයින් ඔහු සිටියේ වෙස් වලා ගැනීමෙන් යුතුවය. නමුත් එය එතරම් පහසුවක් නොවුනේ මේ වන විට ඔහුගේ එක් ඇසක් අන්ධව තිබුණු හෙයිණි.   

මුලින්ම යුධ භූමියට අවතීර්ණ වූයේද, යුද්ධය ජයග්‍රහණය කර අවසානයේ යුධ භූමියෙන් ඉවත් වන්නේද ඔහු විය. ඔහු ඉතා දක්ෂ නායකයෙක් විය. තරණය කිරීමට ඉතා අපහසු ඇල්ප්ස් කඳු හරහා අලි ඇත් සහිත ඔහුගේ හමුදාව ගිය ගමන වීර වික්‍රමාන්විත චාරිකාවක් විය. ඇල්ප්ස් යටත් කල ඔහු ඉහළ කඳු ගැටයක සිට අවට පරීක්ෂා කළේය.

එහිදී ඔහු ඔහුගේ ජෙනරාල් වරුන්ට කතා කර,…” තවත් යුද්ධ කීපයකට පසු පහත පෙනෙන ඉතාලියේ නගර ඔබ යටතේය”… සේ ප්‍රකාශ කළේය. ගෝල් හරහා ගමන් කල ඔහු උතුරු ඉතාලියේ ද සිටි, ‘ගෝල් වරුන්ගේ’ සහයද ඇතිව එම උතුරු ඉතාලියේ බලය තහවුරු කර ගත්තේය.

මේ ආරංචිය හමුවේ රෝමන් වරු විසින් හමුදා දෙකක් දියත් කලෝය. එකක් හැනිබල් ගේ මාතෘ භූමිය වූ ‘කාර්තේජ් ‘ දෙසට මෙන්ම අනෙක හැනිබල් ගේ අණසක තිබුණු උතුරු ඉතාලියට විය. හැනිබල් සිටි දෙසට ගිය රෝමන් හමුදාව අන්ත පරාජයක් ලැබූ හෙයින්, ‘කාර්තේජ්’ දෙසට යැවූ හමුදාව නැවත රෝමයට කැඳවා ගැනීමට රෝමන් වරුන්ට සිදු විය. ඉන් අනතුරුව උතුරු ඉතාලියේ නායකයා වූයේ ‘හැනිබල්’ විය.     

ඊළඟ වසරේ ‘ඇපනයින්ස් ‘ [Apennines] තරණය කල හැනිබල්, රෝමය නැවතත් පරාජය කර තවත් වසරකින් ‘කේන්’ [Cannae] වලදී රෝමන් හමුදාවට දැඩි ප්‍රහාර එල්ල කර සමූලඝාතනය කර අන්ත පරාජයක් රෝමයට අත් කර දෙන ලදී. ඒ සටනෙන් ඔහු යටතට දකුණු ඉතාලිය ද පත් විය. රෝමයේ ප්‍රාකාර ඇතුළත සිටි රෝමන් සෙනෙට් සභිකයන්ට මෙවිට වැටහී ගියේ, තව දුරටත් නගරය කිසි සේත් ආරක්‍ෂිත නැති බවය.

මේ තත්වය උඩ සෙනේට් සභාවෙන් තීරණ තුනක් ගනු ලැබීය. එකක් වූයේ ඔත්තු කරුවන් රට පුරා යවා, හැනිබල්ගේ මීළඟ ප්‍රතිචාර කුමක්දැයි සොයා බැලීමය. එක් සෙනෙට් සභිකයෙක් මෙසේ කීය. …”රෝමන් දෙවියන්ගේ කරුණාවෙන් බිඳක් හෝ තවමත් ඉතිරිව ඇත්නම්, මේ විස්තර සොයා ගැනීමට අපට හැකි වනු ඇත “…

ඊළඟ පියවර වූයේ සැමියන් මියගොස් වීථි වල හඬන ගැහැණුන් නිවාස ඇතුලතට සීමා කිරීම සහ වහළුන් ගේ අදෝනා නැති කිරීමට ඔවුන්ද නිවාස ඇතුලට සීමා කිරීමය. මින් නගරයේ පූර්ණ නිසල බව ඇති කර කුමක් සිදුවන්නේද කියා බැලීමය. තුන්වන කරුණ වන්නේ, කිසිම කෙනෙක්ට නගරයට ඇතුල් වීමට හෝ පිට වීමට ඉඩ නොදීමය. කෙසේ හෝ, මේ හේතු නිසා හෝ හැනිබල් රෝමය ට ප්‍රහාර එල්ල කලේ නැත.

තවත් අවුරුදු කීපයකට පසුව රෝමන් වරුන්, ‘කාර්තේජ්’ අල්ලා ගැනීමට හමුදාවක් යැව්වෝය. මේ හමුදාව සමඟ සටන් කිරීමට එතෙක් ඉතාලියේ රැඳ සිටි හැනිබල් ව කැඳ වන ලදී. එහිදී ‘ස්කෝපියෝ’ යන රෝමන් යුධ සෙනෙවියා විසින් හැනිබල් ව පරාජය කරන ලදැයි ඉහත කී ‘ලිවී’ යන රෝමන් ඉතිහාසඥයා කියා සිටින නමුත්, ‘ස්කෝපියෝ ‘ කියා සිටින ලද්දේ, … “හැනිබල් පරාජය කරන්නට හැකි වූයේ, ෆීනීශියන් වරු ඔහුට යුධ ආධාර නොදීම හේතුවෙනි”…  යන්නය.

හැනිබල් දිනුවා නම් ඔහු ෆීනීශියන් වරුන්ගේ නායකයා වන හෙයින්, ඒ භීතිය නිසා ෆීනීශියන් නායකයන් විසින් එසේ කරන ලදැයි පසුව ආරංචි විය. කාර්තේජ් නගරය රෝමන් වරුන් විසින් අල්ලා ගත් පසු හැනිබල් පලා ගියේය මෙන්ම, ෆීනීශියන් නායකයන් විසින් ඔහුව රටෙන් පිටුවහල් කලේ යයිද කියනු ලැබේ. එහෙත් රෝමයට මේ සා විශාල විනාශයක් කල හැනිබල් අල්ලා ගැනීමට, රෝමය විසින් ඔහු පසුපස සෙබළුන් යවන ලදුව එක් ස්ථානයක කොටු කරන ලදී.

පියාට දුන් පොරොන්දුව අනුව, සතුරාට අසු වී යටත් වනවාට වඩා සිය දිවි හානි කර ගැනීම ඔහු තෝරා ගත්තේය. ඔහුගේ මුදුවේ සඟවා තබා ගෙන සිටි සයනයිඩ් වස බී ඔහු සිය දිවි හානි කරගත්තේය.

එය ලෝකයේ පහළ වූ දක්ෂතම සෙනෙවියෙක්ගේ අවසානය විය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: