ඊජිප්තුව 19 – රොසෙටා ගල

බොහෝ කාලයක් යනතුරු ඊජිප්තුවේ පිරමීඩ වල ඇඳි රූප අක්ෂර වලින් කියවෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකි විය. එහෙත් හදිසියේ සොයා ගන්නා ලද මේ අකුරු විස්තර ක්‍රමයකින් ඒ අක්ෂර වලින් පෙන්වන්නේ කුමක්දැයි සොයා ගන්නට හැකිවීමෙන්, ඒ පැරණි ඊජිප්තු නටබුන් ගැන සෑහෙන අදහසක් ගැනීමට හැකි විය.

ක්‍රිස්තු වර්ෂ 1799 දී නැපෝලියන් ගේ හමුදාවේ සිටි ප්‍රංශ සොල්දාදුවෙක් විසින් ගලින් තනන ලද භෂා තුනකින් ලියු ලියවිල්ලක් ඊජිප්තුවේ දී සොයා ගන්නා ලදී. ක්‍රිස්තු වර්ෂ 1801 වසරේ බ්‍රිතාන්‍ය හමුදා විසින් ඊජිප්තුවේ රැඳ සිටි ප්‍රංශ හමුදා පරාජය කරන ලදී. එමගින් මේ ගල් පූවරුව බ්‍රිතාන්‍යයන් අතට පත් විය.

ක්‍රිස්තු පූර්ව 196 තනන ලද මේ ගල් පූවරුවට පසුව, ‘රොසෙටා ගල’ සේ නම් කරන ලදී. මෙය තනි ගලකින් තනා තිබුණු අතර භාෂා තුනකින් එකම ලියවිල්ලක් ලියා තිබිණි.ඒවා ඊජිප්තු රූපාක්ෂර, ඩෙමොටික් භාෂාව, සහ පැරණි ග්‍රීක භාෂාවෙන් එය ලියා තිබිණි. මෙහි ලියා ඇත්තේ, ‘පස්වන ටොලමි රජු’ විසින් පනවන ලද රාජාඥාවකි.

ක්‍රිස්තු පූර්ව 1802 දී එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ප්‍රදර්ශනය සඳහා ගෙන යන ලදුව, එකළ වැඩිම මිනිසුන් ප්‍රමාණයක් විසින් දැක බලාගත් ප්‍රදර්ශන භාණ්ඩය සේ ප්‍රසිද්ධ විය. මෙය පසු කලෙක Egyptology හෙවත් පැරණි ඊජිප්තුවේ තොරතුරු සොයන විද්‍යාව සේ හැඳින්වෙන දැනුම සෙවීමට, පැරණි අකුරෙන් කියවෙන්නේ මොනවාදැයි සෙවීමට මහත් සේ ඉවහල් විය.

මෙය පරිවර්ථනය කරන්නට වසර විස්සක් ගතවිය. Jean-François Champollion නම් වූ ප්‍රංශ විද්වතා මේ ගලේ ලියා ඇති දේ සොයා ගත්තේය.

කිසියම් හෙයකින් මේ ‘රොසෙටා ගල’ හමු වුණේ නැත්නම් ඊජිප්තුව මීටත් වඩා අද්භූත නොදත් ස්ථානයක් වන්නට ඉඩ තිබිණ. පැරණි ක්‍රීටය, ඉන්දු නිම්න වැනි ස්ථාන වල අක්ෂර අදටත් තේරුම් ගන්නට නොහැකි වීමට හේතුව, ඒ නොදත් භාෂා වලට දන්නා භාෂා සමඟ ඇති සම්බන්දයක් සොයා ගැනීමට නොහැකි වීමය.

Hieroglyphs යන ඊජිප්තියානු භාෂාවේ විශේෂයක් ඇත. එය නම් එම භාෂාව දකුණේ සිට වම හෝ වමේ සිට දකුණට මෙන්ම උද සිට පහලටද කියවීමට ඇති හැකියාවයි. වාක්‍යයක මුල සොයා ගැනීමට හැකි වන්නේ, එහි මිනිසෙක් හෝ සතෙක් හැරී ඇති දිශාව අනුවය.

ඊජිප්තු ජන ප්‍රවාද අනුව මේ භාෂාව මුලින්ම භාවිතා කලේ ‘’හොත්’ යන දෙවියා විය. මේ භාෂාව දෙවියන් විසින් භාවිතා කල භාෂාවක් යයි කියනු ලැබේ. මේ කියන දෙවියන් පිරමීඩ වල ඇති දැවැන්ත ගල් එසවීමට කටයුතු කළේයැයි ඊජිප්තු ජන ප්‍රවාදයේ එයි.

එනම් යම් හෙයකින් මේ රොසෙටා ගල හමු නොවුයේ නම්, එම භාෂාව කියවීම කිසි සෙත් කල නොහැකි වන්නට තිබිණ.

මේ ගල් පූවරුව කොතරම් වැදගත් කමක් උසුලන්නේද යත්, දෙවන මහා ලෝක සංග්‍රාමයේ බෝම්බ වලින් බේරා ගන්නට එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් ඉවතට ගෙන යාමට පියවර ගන්නා ලදී.

මීටරයක් පමණ උස ඇති මේ ගල් පූවරුවට එම නම දී ඇත්තේ, එය ‘රොසෙටා’ යන නගරයේ හමු වූ නිසාය.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: