මිනිස් චාරිකා [11] – පලස්තීනයේ උපන් නව ආගම සහ ලෝකයට ඉන් ඇති වූ බලපෑම.

 
==================================================================
පළවන මතය :-
 
රෝමන් අධිරාජයෙක් වන, ‘ඔගස්ටස්’ රෝමය පාලනය කරන අවස්ථාවේ, ඒක දේව සංකල්පය අනුගමනය කරන හීබ්රු ගුරුවරයෙක් පලස්තීනයේ කන්යාවකගේ කුසයෙන් උපන්නේය. ඔහුගේ පියා දෙවියන් වහන්සේ විය. ‘නාසරත්හී ජේසුස්’ සේ හේ නම් විය. පැරණි හීබ්රු අනාගත වක්තෘන් ගේ අනාවැකි අනුව ඔහු තමා අනාගත වක්තෘ කෙනෙක් බව හඳුන්වා දුන්නේය.
 
රෝමන් ආණ්ඩුවෙන් ජේසු තුමා ගේ ආගම් ව්යාප්තවාදය මැඩ පවත්වන්නට පලස්තීනයට එවූ වැදගත් ඉහළ නිළධාරියෙක් වූ රෝමන් ජාතික ‘පෝල්’, අවසානයේ ජේසු තුමාගේ කීකරු අනුගාමිකයෙක් වී ඒ ආගම පතුරවන්නට සහාය දුන්නේය..
 
එහෙත් ජේසු තුමා අනාගත වක්තෘ කෙනෙක් යන මතය පිළිගැනීමට අකමැති ජනතාව පෙළ ගැසී ඔහුව කුරුසියේ එල්ලා ඝාතනය කර දැම්මෝය. තුන් දවසකට පසු ඔහු කුරුසියෙන් උත්ථානය වීම මහා ප්රාතිහාර්යයක් විය.
 
ශිෂ්යයන් කෙමෙන් ජේසු තුමාගේ අදහස් වූ, ‘දෙවියන්ගෙන් පව් සමාව’ සහ, ‘ජේසු තුමා අනාගත වක්තෘ කෙනෙක් සේ පිළිගැනීම’ යන විශ්වාසය මත, අවසානයේ ක්රිස්තියානිය රෝමන් අධිරාජ්යයේ නිළ ආගම සේ පිළිගැනීමට සිදු විය. [පළවන මතයේ අවසානය]
===================================================================
 
ජේසු තුමා පිළිබඳ ලෝකයේ ප්රසිද්ධ සාමාන්ය මතය එසේ වුවද, පහත ඇති විස්තරය නම් ඊට හාත් පසින්ම වෙනස් වේ.
 
දෙවන මතය :-
 
මළ මුහුදු පත්රිකා වල මූලික අර්ථය අනුව, ක්රිස්තියානි ආගමේ ඇති මූලික විශ්වාසයන් දෙකක් බිඳ වැටේ. එකක් නම්, ජේසු තුමාගේ අනන්යතාවය වේ. අනෙක් දෙය වන්නේ ‘ජේසුතුමා විසින් ප්රකාශිතයයි’ යන බයිබල් වාක්යයන්ය.
ක්රිස්තියානියේ සත්ය ආරම්භකයා, පසුව ශාන්ත පෝල් සේ හැඳින්වූ, රෝමයේ “Saul of Tarus” යන තැනැත්තා බව ප්රසිද්ධ මෙන්ම, හඳුනාගත් කාරණයකි.
 
ඔහු කිසියම් විශේෂිත කාර්යයක් කරන්නට රෝමන් ආණ්ඩුවෙන් පත් කල, ඉහළ තලයේ රෝමන් රාජ්ය නිළධාරියෙකි. අවසානයේ පෝල්, රෝමන් ආණ්ඩුව වෙනුවට, ජේසු තුමාගේ සංකල්ප ලොව පුරා ප්රචාරය කරන්නට ඉදිරිපත් විණි.
 
මෙය ජනප්රිය සහ ප්රසිද්ධ වූ පළවන මතයේම කොටසකි.
නමුත් වෙනස ඇත්තේ දුර දක්නා නුවණින් යුතු රෝමන් ජාතික ඉහළ දේශපාලන නිළධාරියෙක් වූ පෝල්, ජේසු තුමාගේ සංකල්ප මේ ආගමික පිරිස පාලනය කිරීමටම ප්රයෝජනවත් වන බව දුටුවේය. ඒ නිසා ඔහු ඒ ඇදහීම් වෙනස් කර ඔහුට අවශ්ය ආකාරයට ක්රිස්තියානිය හැඩ ගස්වන ලදී.
 
ගංගාවක් නවත්වන්නට නොහැකි බවද, එය හරවන්නට හැකි බවද දුර දක්නා නුවණින් යුතු පෝල් තේරුම් ගත්තේය.
මළ මුහුදු පත්රිකා මගින් මේ මුලින් කී පළමු මතයට වැදෙන පහර ඉමහත්ය. එම පත්රිකා මගින් ලැබෙන මූලික නිගමනය වන්නේ, අප අද අසා ඇති ක්රිස්තියානිය, ජේසුස් වහන්සේගේ අදහස් හා සංකල්ප නොවන බවත්, ජේසු තුමාගේ නම භාවිතාකර පෝල් විසින් පුළුලෙන් ඇති කරන ලද, විකාශනාත්මක ක්රිස්තියානි රාජ්ය ව්යුහය වේ.
 
එම අත්තිවාරම දැමුවේ, යුදෙව්වෙක් වන ජේසු තුමා විසින් නොව, රෝමන් අධිරාජ්යයේ සම්පූර්ණ අනුග්රහය ලැබූ, ඉතා බලවත් රෝමන් නිළධාරියෙක් වන පෝල් විසිණි.
 
මරණය, අවසාන විනිශ්චය, මනුෂ්යත්වය සහ මනුෂ්යයාගේ ආත්මයට අත්වන ඉරණම සේ ‘කුම්රාන් පත්රිකා’, [මළ මුහුදේ පත්රිකා] වලින් කියවෙන දේ, එකළ ඉපදෙතැයි බලාපොරොත්තු වූ ‘මෙසායා’ හෙවත් අනාගත වක්තෘගෙන් බලාපොරොත්තු වූ දේ විය. ඒ සඳහා කිසියම් චරිතයක් සේ ජේසු තුමාව යොදා ගත්තා හැර වෙන දෙයක් වී නැති බව මේ පත්රිකා වලින් පැහැදිළිව පෙනී යන්නේය.
 
මෙහි තේරුම ජේසු තුමා යයි කෙනෙක්ගේ නොපැවතීම හැඟවීමක් නොවේ. ජේසු තුමා ඉපදීමට පෙර එම ‘එසන්ස් යුදෙව් නිකායයන්’ වලින් බලාපොරොත්තු වූ ‘මෙසායා’ තනතුරට ජේසු තුමා පත්කිරීමය.
 
එහෙත් සත්ය වශයෙන්ම වූයේ ජේසු තුමා එම නිකායේ සිටි, ‘Teachers of righteousness’ නමින් හඳුන්වන ලද, මූල ධර්මවාදී යුදෙව් නිකායක තවත් පූජක වරුන් ගෙන කෙනෙක් පමණක් වෙන්නට ඇත. ඔවුන් රෝමන් අධිරාජ්යවාදී අයෝමය හස්තයෙන් එකළ පීඩා විඳි අය විය. [දෙවන මතයේ අවසානය]
========================================================================
 
දැන් මේ මත දෙකෙන් කුමක් අප පිළිගන්නේද යන ප්රශ්ණය පැන නගී. භක්තිය සහ පරම්පරාවෙන් පැමිණි විශ්වාස අනුව පිළිගත යුතු මතය ‘පළවන මත්ය වේ. එහෙත් තර්කය සහ එයිතිහාසික සාධක මත රැඳුණු විට පිළිගත යුත්තේ ‘දෙවන මතය’ වේ. එය ඔබම තීරණය කල යුතු දෙයකි.
 
එහෙත් මේ ලිපියෙන් ඊට වඩා වෙනස් දෙයක් කතා කරමු. එනම් ක්රිස්තියානිය මිනිසා ට අවශ්ය වූයේ ඇයිද යන්නය. රෝමන් සහ ග්රීක මිත්යා මත වල එන පැරණි දෙවියන් ගෙන් ලොවට අවශ්ය වූ සාමය ලැබුනේ නැත. ඊජිප්තුවේ ‘අයිසිස්’ දෙවියන් ගේද කාලය ඉකුත්ව යල් පැන ගොස් තිබිණ. එකළ මිනිසුන් මේ ආගම් වලින් හෙම්බත් වී සිටියහ.
 
එහෙත් ක්රිස්තියානිය මේ සියලු ආගම් අතුරෙන් ඉහළ එන්නට වැදගත් හේතු තිබිණ.
 
එනම් එය සාමය ගෙන එතැයි කීම සහ පමණක් නිවැරදිම ආගම සේ හැඳින්වීම විය. සියලුම අනෙක් ආගම් වැරදි බව එයින් තරයේ කියූ අතර පිළිගන්නා පුද්ගලයා එය තරයේ ඇදහිය යුතු බවද කියවින. කරුණාවන්ත දේව පියාණන් ට ලඟා විය හැකි එකම මාර්ගය අනාගත වක්තෘ ජේසු හරහා බව අවධාරණය කෙරින. ඉන් පසු, ‘පව් සමාව’ සහ ‘සදාකාළික ජීවනය’ ලැබේ.
 
මේ දැඩි මතධාරී මතයට වහල් වූ අපමණ මිනිසුන් සංඛ්යාවක් කාලයක් තිස්සේ කල ක්රියාකාරකම් නිසා ක්රිස්තු වර්ෂ 300 දී කොන්ස්ටන්ටයින් අධිරාජයාට ක්රිස්තියානිය රෝමයේ නිළ ආගම සේ පිළිගැනීමට සිදු විය.
 
නමුත් ක්රිස්තියානිය මෙසේ බහුලව ව්යාප්ත වන විට එහි මුලින් තිබුණු ලක්ෂණ වූ, සරළ බව සහ ශුද්ධ බව නැති වී ගියේය. මුල් කාලයේ නම් කිතුණුවෙක් වීම භයානක දෙයක් විය. එය පසුව නිළ වශයෙන් පිළිගත් විට රෝමන් ජාතිකයාගේ නීති වලින් හැඩගැසුණු මනස නිසා එය නීත්යානුකූල ආගමක් වුනා පමණි.
 
මේ හේතුව නිසා හතරවන සියවසට පසු කතෝලික පල්ලිය ක්රමානුකූල සංවිධානයක් සේ හැඩ ගැසිනි. රෝමයේ ප්රධාන පූජකයා පෝප් ලෙසද, ඉන් පසුව ආර්ච්බිෂොප් වරුද, බිෂොප් සහ පූජකයන් මෙන් ක්රමානුකූල සංවිධානයක් මෙන්ම නොයෙක් ආකාරයේ ව්රත සමාදන් වීමද, නොයෙක් ආකාරයේ සිරිත්ද ඇති වී ඇදහිය යුතු නීතියක් සේ සකස් විය. පල්ලියේ නායකයන් රජයේ විශේෂ බලතල ඇති නායකයන් බවට පත්විය.
 
එහෙත් මේ නිසාම එය රාජ්ය බලය ඔස්සේම ලෝකය පුරා ව්යාප්ත වීම සිදුවිය. යුරෝපීය රටවල් ගෙන ගිය යටත් විජිත වාදය යටතේ ක්රිස්තියානිය ව්යාප්ත කිරීම ඉතා පහසු වූවා පමණක් නොව එමගින් ක්රිස්තියානුවන් නොසිටි සමාජයක මිනිසුන් මානසික වහල් භාවයකට පත් කර යටත් විජිත වාදී රාජ්ය තන්ත්රයට සහාය දීමට ක්රිස්තියානිය මහඟු ආයුධයක්ද විය.
 
කාර්මික විප්ලවයත් සමඟම කෙමෙන් ක්රිස්තියානිය බටහිර ජාතීන්ගෙගේ මනසෙන් ඉවත් වෙමින් පැවතුනද, ආසියාව සහ අප්රිකාවේ ක්රිස්තියානි බලය වැඩි වෙමින් පැවතීම කෙසේ වුවද, අඩු වීමක් නැත.
 
එය තව දුරටත් ඒ බටහිර ලෝකය, තෙවන ලෝකය තබා ගැනීමේ කාර්යය ඉටු කරන වැදගත් මෙවලමකි.
Advertisements

2 thoughts on “මිනිස් චාරිකා [11] – පලස්තීනයේ උපන් නව ආගම සහ ලෝකයට ඉන් ඇති වූ බලපෑම.

Add yours

  1. සැබෑ කිතුදහම වෙනුවට ඒ නමින් පාවුල් දහම යුරෝපයේ පැතිරුනා පැතිරුනා. නමුත් තවත් දෙයක් වුනා එනම්
    වරකා ඉබන් නව්ෆල් (පල්) තුමා, තම මස්සිනා වන මුහම්මද් බින් අබ්දුල්ලා බින් අබ්දුල් මුතාලිබ් (වල්) තුමා ලවා ඒ සැබෑ කිතුදහම නැවත් ලෝකයට ඉදිරිපත්

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: