අද්භූත ගුවන් යානයක් !

1954 වසරේ සැප්තැම්බර් 4 වනදා ජර්මනියේ, ‘ආචන්’ නගරයේදී ගුවන් ගත වූ ගුවන් යානයක් අතුරුදහන් වී ඉන් වසර තිස් පහකට පසු බ්‍රසීලයේ ගොඩබා ඇත. එනම් මේ යානය ගොඩ බැස ඇත්තේ 1989 වසරේ ඔක්තෝබර් 12 දිනදීය. ඒ ගුවන් යානය සැන්තියාගෝ ආයතනයේ “එයාලයින් ෆ්ලයිට් 513”  සේ නම් වූ අතර, එය ගොඩ බාන විට එය ඇතුලේ මිනිසුන් 92 කගේ ඇටසැකිලි පමණක් තිබිණ.

මෙහි තවත් පුදුමයක් වූයේ මියගිය ගුවන් නියමුවාද [Miguel Victor Cury] නියමු කුටියේ එම පාලන උපකරණ අල්ලාගෙන සිටි ඇටසැකිල්ලක් වීමය. ඇටසැකිල්ලකට ගුවන් යානය නිරුපද්‍රිතව බිමට බෑමට හැකි වූයේ කෙසේදැයි කිසි දා නොවිසඳෙන රහසක් වනු ඇත.

1956 දී බංකොලොත් වූ සැන්තියාගෝ ආයතනයේ අදත් ජීවත් වන නිළධාරීන්ට මේ ගැන පුදුම වේ. සමහරවිට ඒ අහස්යානා තොරතුරු විනාශ වී ඇති හෙයිනි. මේ අහස් යානාව, ‘ලොක්හීඩ්’ ආයතනයෙන් නිෂ්පාදනය කරන ලද, ටර්බෝප්රෝෆ් එන්ජින් හතරකින් යුතු,  ‘’සුපර් කොන්ස්ටලේෂන්’ වර්ගයේ යානාවකි.

ගුවන් යානාව ගොඩ බැසූ කල එහි ගිය කාර්මිකයන් දුටුවේ එම යානාවේ එන්ජින් තවමත් හොඳින් ක්‍රියාත්මක ව පවතින බවය. පසුගිය අවුරුදු 35 තුල මේ එන්ජින් නවතා තිබුනේද නැද්ද යන්න ප්‍රශ්ණයකි. ගුවන් යානය ගොඩ බැස්සවීමට ප්‍රථමයෙන් ගුවන් තොටුපලට කිසිම හැඳින්වීමක් කර නැත. සමහරවිට ඇටසැකිල්ලකට කතා කිරීමට නොහැකි වූ නිසා වෙන්නට ඇත.

බ්‍රසීලයේ සිටින, ‘Roderigo de Manha” යන භෞතික විද්‍යා මහාචාර්ය තුමා කියන්නේ මේ යානාව ක්වොන්ටම් යාන්ත්‍රණයේ කියැවෙන ‘ටයිම් වෝර්ප්’ ආචරණයට හසු වී ඇති බවය. … “ මේ යානාව එසේ ආචාරණයකට හසුව ඇත්නම්, ඒ ගැන අප විධිමත් අධ්‍යනයක යෙදිය යුතුය’…”තවද මේ යානයේ අභිරහස යානාවේ සිටි මගීන් ගේ නෑදෑයින්ට මෙන්ම පොදු ජනතාවට සොයා දීම වගකීමකි”… මහාචාර්යතුමා වැඩිදුරට කියා සිටියේය.

කෙසේ නමුත් Time warp යටතේ එහි සිටි මිනිසුන් ඇටසැකිලි නම් වෙන්නට නොහැක. මෙයත් කාගේ හෝ විහිළුවක්ද, නැතිනම් සත්‍ය සිදුවීමක්ද ?

කෙසේ හෝ 1989 වසර ගුවන් යානා දුරස්ථ පාලන ක්‍රම වලින් ගුවන් ගත කිරීම හෝ ගොඩ බැස්වීම සඳහා තාක්ෂණයක් තිබුනා නම්, මේ ගුවන් යානය එසේ මේ ගුවන් තොටුපල කරා ගෙන එන්නට හැකියාව තියෙන්නට ඇත යයි කෙනෙක් තර්ක කල හැක. එහෙත් ගුවන් යානයක ජෙට් එන්ජින් නඩත්තුව ගැන කුමක් කිව හැකිද ? එය එසේ වූවා නම් වසර 35ක් මේ යානයේ යන්ත්‍ර නඩත්තු කරමින්, ගුවන් යානයද කොහේ හෝ සඟවා තැබිය යුතුය.

එවැනි අපහසු කාර්යයක් කිරීමේ තේරුම කුමක්ද ?  

ප. ලි. :- මේ කතාව සත්‍යද නැද්ද යන්න හරියටම දන්නේ නැත. හදිසියේ මිතුරෙක්ගෙන් ලැබුණු පින්තුරයක් අනුව සහ ඉන් පසුව අන්තර් ජාලයේ ඇති යූ ටියුබ් වීඩියෝ වලින් විස්තර දැන ගතිමි. Missing plane Flight 513 සේ ගූගල් කල විට  ඔබටද මේ විස්තර අන්තර් ජාලයෙන් දැකිය හැක.

 

One thought on “අද්භූත ගුවන් යානයක් !

Add yours

  1. මේක බලන්නකෝ…
    https://bookofresearch.wordpress.com/2015/01/04/the-mysterious-time-lapse-of-pan-american-airways-flight-914/

    “The Weekly World News was (and still is) a largely fictional news tabloid published in the United States from 1979 to 2007, renowned for its outlandish cover stories often based on supernatural or paranormal themes and a satirical approach to news. Since the Weekly World News began to publish online, its stories have occasionally been treated as legitimate news stories by readers unaware of the nature of the publication…..”

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: