පැරණි තෙස්තමේන්තුවේ කියන ස්වර්ගය කුමක්ද ?

නයිල් ගංගා ශිෂ්ටාචාරය දියුණුවත්ම ඊජිප්තුවේ පිරමීඩ තැනින. ඒවා තනන්නට බොහෝ කලකට ප්රථමයෙන්, ටයිග්රීස් සහ යුප්රටීස් ගංගා ආශ්රයෙන් ආසියාවේ තවත් ශිෂ්ටාචාරයක් බිහි විය. මේ ශිෂ්ටාචාරය ඇති වූ භූමියට බැබිලෝනියාව සේද, මෙසපොටේමියාව සේද කියනු ලැබේ. මෙය පරණ තෙස්තමේන්තුවේ කියවෙන ස්වර්ගය බව විද්වතුන්ගේ පිළිගැනීමකි.
 
මේ භුමියේ මුලින්ම ජීවත්වුනේ ගංගා ගලන කඳු උඩින් පැමිණි ‘සුමේරියන්’ යන ජන කොට්ටාශය විය. ඊජිප්තියානුවන් සේම ඔවුන්ද මඩ සහ ගඩොල් ඇති නිවාස ඉදි කළහ. ඔවුන් නොයෙක් දේ අධ්යනය කර ඉගෙන ගත්හ. ඇළවල් ආශ්රයෙන් වතුර ගෙන ගොස් කෘෂි කර්මය කළහ. කොපර් හෙවත් තබ වලින් තනන ලද භාණ්ඩ ඔවුන්ට තිබුනද, එකල පිත්තල තාක්ෂනය සොයා ගෙන නොතිබිණි.
 
ඔවුන් ලිවීම කළහ. එහෙත් ඊජිප්තියානුවන් මෙන් පැපිරස් කඩදාසි වල නොව, මඩ වලින් තැනූ හතරැස් පූවරු වලය. මේ පින්තුරයේ ඇත්තේ මඩ පූවරුවක ඇඳි තාරකා සටහන්ය.
 
ඊජිප්තියානුවන් පළාත් මැනීමේ දක්ෂයන් වූ අතර, සුමෙරියානුවන් ස්වර්ගය හෙවත් අහස මැනීමේ දක්ෂයන් වූහ. ඔවුන් ‘හිරු දීසිය’ හෙවත්, ‘සන් ඩයල්’ [Sundial] සොයා ගත්හ. අහස අංශක 360කට බෙදා, අදත් අප භාවිතා කරන කාලය මැනීමේ ඒකක වන වසරවල්, මාස, සති පැය විනාඩි සහ තත්පර හඳුන්වා දුන්හ.
 
ඔවුන්ගේ ජ්යෝතිෂ ශ්රාස්ත්රඥයන්ට ඉදිරියේ එන චන්ද්ර ග්රහණ සහ සූර්ය ග්රහණ ගැන කීමට හැකි විය. ඒ අනුව සහ වෙනස් වන ග්රහ චලිතය අනුව ඔවුන් අනාවැකි කියුහ.
 
අදත් ග්රහ ලෝක පහකට නම් දී ඇත්තේ මේ සුමෙරියානුවන් ගේ දෙවියන් පස් දෙනෙක්ගේ නම් වලින් බව ඉරාකයේ මා සංචාරය කරන විටෙක ඉරාක හිතවතෙක් කියූ දෙයකි. ඒවා නම්, ජුපිටර් [ගුරු], සැටර්න් [ශනි], මර්කරි [බුධ] , වීනස් [සිකුරු] සහ මාර්ස් [කුජ] වේ.
 
එහෙත් මේ නොයෙක් සොයා ගැනීම් කල මේ වැසියාගේ සාමකාමී දිවිපෙවෙත අවුල් වීම ආරම්භ වූයේ ‘සෙමිට්ස්’ [Semits ] සේ හඳුන්වන ලද කාන්තාර වල සිටි හීබෘ සහ අරාබි ගෝත්රිකයන් පැමිණ කල අරගල වලින් විය. මෙසපොටේමියාවේ සිටි ‘හමුරාබි’ [Hammurabi] නම් රජු දවස මේ ප්රදේශය සමෘධිමත් වූ බව කියනු ලැබේ. එහෙත් එකල වුවද ලෝහමය කාසි නොතිබිණි.
 
වෙළෙන්දන් එකළ භාවිතා කරනු ලැබුවේ, මැටි වලින් තනන ලද පත්රිකාය.
 
මෙසපොටේමියාව එක්සේසත් කල, ‘හමුරාබි රජු’ දවස දරුවන් සඳහා පාසැල් තිබුණු බව පැරණි නටබුන් මගින් සොයා ගෙන ඇත. එමෙන්ම ඔහු එකල සමාජයට නීති පද්ධතියක් ඉදිරිපත් කල බවද කියැවේ. … “ ඇසට ඇසක්, දතට දතක් …සේ කියන පැරණි තෙස්තමේන්තුව ආශ්රිත නීති ඔහුගෙන් ආරම්භ වූ බවද කියති. උදාහරණයක් සේ, නිවාසයක් පෙරලී කෙනෙක් මියගිය විට, ඒ නිවාසය තැනූ පුද්ගලයාට මරණය හිමි විය.
 
පැරණි තෙස්තමේන්තුවේ එන ප්රසිද්ධ චරිතයක් වන ‘ආබ්රහම්’ මේ කාලයේ සිටි කෙනෙකි. ඔහු තැනින් තැනට සංචාරය කල ආකාරයේ කෙනෙක් විය එඬේර ජීවිතයක් ගත කල නායකයෙක් වූ ඔහුට බොහෝ බැටළුවන්, කොටළුවන්, ඔටුවන් සහ හරකුන් සිටියහ. [Genesis xxiv 10] මේ ‘ආබ්රහම්’ යන නම, ‘බ්රහ්මන්’ යන හින්දු දෙවියාගේ නමින් පැමිණි බව සමහර ඉන්දියානු හින්දු ජාතිකයන් කියන දෙයකි. කෙසේ වුවද එය හුදෙක් උපකල්පනයක් පමණක් විය හැක.
 
මොහොමඩ් නබිගේ කාලයේ මක්කමේ තිබුණු රූප වන්දනාවේ රූප බොහොමයක් හරකුන් වීම ඒ ප්රදේශයට හින්දු ආගම ව්යාප්ත වීමේ ලක්ෂණයක් වන්නට ඉඩ ඇත
 
ඒබ්රහම්ට’ බොහෝ පිරිවර සිටි බව කියනු ලැබේ. ඒ අතර සේවකයන්, වහලුන් සහ කෑම පිසින ගැහැණුන් සිටියහ. මේ කාලයේ තිරිඟු වලින් පිටි තැනීමට අතෙන් කරකවා ක්රියාත්මක කල හැකි යන්ත්ර තිබුණු බව වැදගත් කාරණයකි. ආදිතම මිනිසා [Tool man] විසින් සතුන් මරන්නට භාවිතා කල ගල් පතුරු හෙල්ල යන්නට පසුව, යන්ත්ර භාවිතා කිරීමේ දෙවන පරිච්චේද කාලයක් වන්නට ඇත්තේ මේ කාලය වන්නට ඇත.
 
කාන්තාරයේ සිටි පැරණි හීබෘ ජාතිකයෙක් වූ ඒබ්රහම්ට ඔහුගේ අණසක පතුරවන්නට ඔහුගේ විරුද්ධවාදීන් සමඟ ගැටෙන්නට සිදු වුවද , ඔහු සාමය අගය කල කෙනෙක් බව පැවසේ. ඔහු ප්රසිද්ධ වූයේ ආගම හේතුවෙනි. ඔහු නිර්මාණය කලේ අල්තාරයන් විය. ඒවායේ සතුන් පුළුස්සා එයින් නැගෙන පුළුටු දුම දෙවියන්ට පූජාවක් විය. මෙය පසු කලෙක පැරණි තෙස්තමේන්තුවේ නීතියක් සේ ස්ථාපිත විය.
 
අවුරුදු 90ක් වයස ඇතිව සිටි ඒබ්රහම්ට දාව දරුවෙක් ඉපදිණි. ඒ දරුවා දෙවියන්ට බිළී පූජාවක් සේ පිදිය යුතු යයි ලැබුණු දේව නියෝගය ඉටු කරන මොහොතට ඔන්න මෙන්න ඇති අවස්ථාවේ ඒ දේව නියෝගය වෙනස් වී, දරුවා වෙනුවට බැටළුවෙක් වැනි සතෙක් බිලි දෙන්නට අණ ලැබිණි. මේ අණ අදත් මුස්ලිම් ලෝකයේ භාවිතා වේ. පැරණි තෙස්තමේන්තුවේ ‘ස්වර්ගය’ සේ මෙසේ හැඳින්වූ දේශයේ වසර දහස් ගණනක් පැරණි නීති අදත් ඉටු කිරීම කාලොචිතදැයි සිතීම ඔබට බාරය.
 
හමුරාබි රජුගේ මරණය සමඟම ‘අසුර්’ [Asur] සේ තමා හඳුනා ගත් තවත් කාන්තාර ආශ්රිත ගෝත්රිකයන් පිරිසක් මේ ගංගා දෙකෙන් මැදිවූ ප්රදේශයට පැමිණ නායකයන් වූහ. ක්රිස්තු පූර්ව 3000 පමණ බැබිලෝනියාවට උතුරින් ටයිග්රිස් ගංගාවට යාබදව ඇති කරගත් ප්රදේශය හඳුන්වා දෙනු ලබන්නේ ‘ඇසිරියාව’ සේය. ඒ ප්රදේශයේ නිම් වළලු තීරණය වූයේ පසු කලක සුද්දා රටවල් බෙදා දුන් ආකාරයට නොවේ.
 
මේ ප්රදේශය අද ඇති රටවල් වල නම් අනුව වන්නේ, උතුරු ඉරාකය, දකුණු තුර්කිය ඉරානයේ සහ සිරියාවේ කොටස් වලිනි. කතාවට අදාළ නැති වුවත්, හින්දු පුරාණයේ එන ‘සුර- අසුර යුද්ධයේ එක් කොටසක් වන්නේ මේ ‘අසුර්’ වරුන් යයි සමහරුන් කියති. එය, මේ කියන ස්වර්ගයේ ආධිපත්යය ඇති කරගැනීමට කල යුද්ධයක් විය.
 
අතීත නැගෙනහිර දේශයේ දක්ෂතම සොල්දාදුවන් වන්නට ඔවුන්ට හැකි විය. මෙයට ප්රධාන හේතුවක් වූයේ ඔවුන් මේ කාලය වන විට යකඩ වලින් තැනූ කඩු වැනි ආයුධ භාවිතය ප්රගුණ කර තිබුණු හෙයිනි. තවද ඔවුන් බැබිලෝනියාවේ එවකට සිටි වැසියා ගෙන් නාගරික ජීවිතය සහ ලිවීම ඉගෙන ගත්හ. එතැන් සිට ඔවුන් ක්රිස්තු පූර්ව 750 පමණ වනතුරු බැබිලෝනියාව පාලනය කළහ.
 
‘නිනෙවා’ [Nineveh] සේ හැඳින්වෙන ඉතා ක්රමවත් නගරය ඔවුන්ගේ නිර්මාණයක් විය. ඔවුන්ගේ වැදගත්ම රජු වූයේ, ක්රිස්තු පූර්ව 681 තෙක් රට පාලනය කල ‘සෙනාචෙරිබ්’ [Sennacherib] රජුය. මේ කියන ස්වර්ගයේ බොහෝ මනස්කාත්න ඉදි කිරීම් ඔහුගේ නායකත්වයෙන් කෙරින. අසුර් පාලනය කෘර විය.
 
අවසානයේ ක්රිස්තු පූර්ව 612 දී නිනෙවා නගරය කඳු උඩින් සහ කාන්තාර වලින් පැමිණි ගෝත්රිකයන් විසින් විනාශ කරන ලදී. ඒ අනුව කැස්පියන් මුහුදේ සිට නයිල් ගංගාව තෙක් පැවතුනු අසුර් බලය නැති වී ගියේය. පසු කලෙක මේ පළාතේ බොහෝ මැටි පූවරු සොයා ගැනීමට හැකි විය.
 
ඔබ සමහරවිට අතීතයේ ‘ලෝක පුදුම හතෙන්’ සේ නම් කල ‘එල්ලෙන උයන’ [Hanging garden] ගැන අසා තියෙන්නට ඇත. මේ ප්රදේශය අවසාන වතාවට පාලනය කල ‘චැල්ඩියන්’ [Chaldian] වරුන්ගේ නායකයා වූ ‘නෙබුචඩ්නසර්’ [Nebuchadnezzar – ක්රිස්තු පූර්ව 604-501] විසින් මේ ‘එල්ලෙන උයන’ යන මනස්කාන්ත මාලිගාව තනන ලදී.
 
ඉන් පසු ක්රමයෙන් මේ ස්වර්ගයේ අභාවය සිදු විය.
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: