බලය විත්ති 108- අඩු වෝල්ටීයතා [LT] යටතේ කොළබ – මාතර අධි වේගී මාර්ගයේ දෙපස සූර්ය පැනල ඇතිරිය හැක.

මින් පෙර මේ ගැන කී අවස්ථාවක මෙය අධි වෝල්ටීයතාවය [HT] හරහා මිසක කල නොහැකි බව සමහර මිතුරන් [සහ සතුරන් 😉 ] කියා තිබිණ. අන් අය අසන පටලැවිළි  ප්‍රශ්න අතරේ ඒ ලියා තිබුණු දේ තේරුම් ගන්නට නොහැකි වූ හෙයින්දෝ, සසර සැරි සරන පාදඩයා විසින්, මේ කියන්නේ ‘on grid’ ද off grid’ ද යන්න අසා තිබිණි. කව්රු හරි පින්වතෙක්, මෙතුමාව මෙන්න මේ ලිපියට ටැග් කරන්න. මොකක්දෝ අපලයකට එය මට කල නොහැක.

එය පැහැදිළිවම On Grid යයි කීවෙමි. අනාගතයේද කියන්නෙමි. සමහර අය එසේ කලවිට ශරීරය සීතල වෙතැයි කීවෝය. එසේ ශරීරය සීතල වෙන අය, ලොකු බෙඩ් ශීට් එකක් පොරවා ගෙන, මේ කියන්නේ මොකක්ද කියා “අහගෙන සිටීම පමණක්” කිරීම මැනවි. ප්‍රතිපත්තියක් සේ කමෙන්ට් ඕෆ් හෝ ඩිලීට් නොකරමි. එහෙත් මේ විෂය කාර්මික විෂයක් නිසා කතාව වෙනත් අතකට යන කොමෙන්ට් ඉවත් කරන්නට සිදු වනු ඇත.

ඕනාවට වඩා ලිපිය කාර්මික වී, සාමාන්‍ය මිනිසුන්ට මෙය ඇණයක් සහ වාතයක් වීම වැළැක්වීමට හැකිතාක් සරළ සේ එය පැහැදිළි කරනට කල උත්සාහයකි. සාමාන්‍ය මිනිසුන් විසින්ද මේ කතාව තේරුම් ගැනීම වැදගත් වන හේතු කීපයකි.

  1. අනාගත ලෝකයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ කෑම, වතුර සහ ශක්තියය. මේවා මුදල් වේ.ලංකාවට මේ කියන ශක්තිය නොමිළේ ලැබේ.
  2. බොහෝ ගුණ යහපත් දක්ෂ ඉංජිනේරුවන් අතර, කළු බැටළුවන් සිටින බව දැනගත යුතු නිසාය. ඉංජිනේරුවෙක් දක්ෂයෙක් වන්නේ ඔහු දන්නා විෂය ප්‍රමාණයෙන් පමණක් නොව, ඒ දැනුම සමාජයට භාවිතා කරන යහපත් ආකාරයෙනි.
  3. පණ්ඩිතයන් ඔවුන්ගේ තැන තියා ගෙන ඉන්නේ ඒ බමුණු කුලය විසින් ප්‍රවේශමෙන් ආරක්ෂා කරගෙන සිටින දැනුම සඟවමිනි. ඒ බමුණු කුලය ආරක්ෂා කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වන්නේය.
  4. මේ ආකාරයේ බමුණු කුල නිසා මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වීම ලංකාව වැනි රටවල් වල සිදු වීම වේ. දියුණු රටවල් වල මේ රැකියා නිසා ඒ ඒ පුදගලයාට ඇති ගෞරවයක් හෝ කියන්නට වැඩි පඩියක් නැත. සමහරවිට වයර්මන් කෙනෙක්ට, ඉන්ජිනේරුවෙක්ට වඩා වැඩි පඩි ඇත.තවත් උදාහරණයක් කීවොත් එවැනි රටවල දක්ෂ කැමරාකරුවෙක්ට, රූපවාහිනී මධ්‍යස්ථානයක විධායක අධ්‍යක්ෂක ජෙනරාල් කෙනෙක්ට වඩා පඩි ඇත.   
  5. කෙටියෙන් කිවහොත්, දැනුම නිසා ලැබෙන නම්බුව යන බම්බුවෙන් ඇති පලක්ම නැත. මක්නිසාදයත්, ඒ දැනුම කාලය යත්ම ඒ දැනුම ලෝකයට අනවශ්‍ය වන හෙයිණි.

කොළබ -මාතර මාර්ගයේ සෑම කිලෝ මීටර් 5කටම පරිනාමකයක් හෙවත් ට්‍රාන්ස්ෆෝමරයක් ඇත්තේය. මෙසේ ‘ලෙකෝ’ ආයතනයෙන් [Lanka Electricity Co Ltd] ඉතා ස්ථාවර ආකාරයට විදුළිය බෙදා හරී. එසේ හෙයින් මේ මහා මාර්ග පරිපථයට විශාල සූර්ය පැනල සංඛ්‍යාවක් එකතු කිරීම 100% ක් ප්‍රායෝගික වේ. ‘ලෙකෝ ආයතනය’ අවමයක් සේ සෑම කිලෝ මීටර් 5 කටම ට්‍රාන්ස් ෆෝර්මරයක් දමා ඇත.

එහෙයින් එයින් දෙපසට ඇති කිලෝ මීටර් 2.5 දුර ඒ ට්‍රාන්ස්ෆෝර්මරයෙන් විදුළි බල ශක්තිය සැපයේ. නමුත් භාරය අනුව තවත් ට්‍රාන්ස්ෆෝර්මර දැමිය හැක…. තිබිය හැක.

උදාහරණයක් සේ සෑම ලොකු හෝටලයකටම, ඒ හා අදාළ ට්‍රාන්ස්ෆෝර්මරයක් ඇත. මේ ගැන බලන්න LECO සඳහා දමා ඇති පින්තුරය බලන්න.[The Primary transformers are 33kV to 11kV marked in red in the diagram of LECO.]  සූර්ය පැනල කතාව හරියට, Grid connected power සඳහා නිවාස වලට සූර්ය පැනල සහ ඉන්වරටර එකතු කෙරෙනවා මෙනි.  නැවතත් කීවොත්, මේ සූර්ය පැනල LT හෙවත් වෝල්ට් 230 සඳහා එකතු කෙරේ. HT පැත්තට නොවේ.

මේ සූර්ය පැනල වලින් එන බල ශක්තිය ඉහළ වොල්ටීයතාවයකට පත් කර [උදාහරණය 33kV] නැවත පරිනාමකයක් මගින් [Step down transformer] පහළ වොල්ටීයතාවයකට පත් කිරීම කිසිසේත්ම අනවශ්‍යය.        

නැවතත් කොළබ -මාතර මහා මාර්ගය ගතහොත්, එම පරිනාමක වලට ජනක යන්ත්‍ර වල රැහැන් වලින් ලැබෙන ඉහළ වෝල්ටීයතාවය, ඒ පරිනාමක මගින් 230 V [වෝල්ට්ස්] වලට අඩු වී පාරේ ළාම්පු දැල්වේ. දැන් ඉහත කී සූර්ය පැනල සම්බන්ද වන්නේ ඉන්වර්ටර වලටය. එම ඉන්වර්ටර වලින් 230 V ප්‍රත්‍යාවර්තක ධාරාවක් [AC] ජනනය කෙරේ. ඉන්වර්ටර මගින් ඉන්පසු කෙරෙන්නේ මේ බල ශක්තිය, පාරේ ඇති 230 V AC වලට සම්බන්ද කිරීම ය.

එය බැටරි කෑල්ලකට බල්බයක් සවි කළා මෙන් සරළ දෙයක් නොවන්නේ මේ බල ශක්තිය ප්‍රත්‍යාවර්ථක හෙයිනි. එහෙත් එය ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් ඉන්වරටරය සිදු කර දෙන්නේය.

ඒ ගැන සරළවම කිව හොත්, රිලේ රේස් එකක දුවන එක ක්‍රීඩකයෙක්, හති වැටුණු විට අනෙකාට බැටන් එක දෙනවා මෙනි. ඒ දෙදෙනාගේ සංනිවේදනයක් තිබිය යුතුය. මෙන්න මේ සංනිවේදනය ඉන්වරටරය කර දෙයි. [Voltage synchornization] ඒ අනුව ඉන්වරටරයෙන් ලැබෙන 230 V කිසිම ආකාරයේ ප්‍රශ්නයක් නැතිව LT [Low voltage] හෙවත් අඩු වෝල්ටීයතාවය ඇති පරිපථයට සම්බන්ද කල හැක.

මේ දහවල් කාලයේ අනෙක් සූර්ය ශක්තිය නොවන ජනන යන්ත්‍ර [උදාහරණය වික්ටෝරියා, ලක්‍ෂපාන ] වලින් පාර දෙපස ඇති නගරවලට බලය දීමට අවශ්‍ය බල ශක්තිය සඳහා ජලය භාවිතා කිරීම අඩු කර ගත හැක.

එපමණක් නොව, එසේ ඉතිරි කරගන්නා, වැඩියෙන් ලැබෙන බල ශක්තියෙන් ‘පොම්ප හයිඩ්රො යන්ත්‍ර’ ක්‍රියාත්මක කර පහළ ඇති ජළය ඉහළට පොම්ප කිරීම කල හැක. එනම් දහවල වැඩියෙනුත් සූර්ය ශක්තිය ලැබේ නම්, ඒ විදුළි ශක්තිය ජළය ඉහළ විභවයකට ගෙන ගොස්, හෙවත් පහළ ඇති ජලය ඉහලට පොම්ප කිරීම කල හැක.

… [සටහන :- ලංකා විදුළි බල මණ්ඩලයෙන් මේ සඳහා අධ්‍යනයක් කර ඇති බව මා දනිමි. ඒ වාර්ථාවද කලකට පෙර කියවා ඇත්තෙමි. ඒ සඳහා ගෞරවය සහ ප්‍රණාමය පුද කරමි. අවුල ඇත්තේ කුමක් නිසා මේවා ප්‍රමාද වේද යන්නය.]

තවත් ඈතකට ගියහොත්, අවශ්‍ය නම් පාර දෙපස ඇති [බැටරි ඇති] විදුළි වාහන ආරෝපිත ස්ථාන සඳහා ඒ බලය භාවිතා කල හැක. මෙහි දමා ඇති Bloom box යන වීඩියෝව බලන්න. එය අනාගතය වේ. ලංකාවේ විදුළි බල කොම්පැනි වලට තව කාලයක් ජීවිතය දිගු කරගන්නට අවශ්‍ය නම් පුනර්ජනනීය බලයට යාම ඇඟට ගුණ වේ. නැත්නම් බැටරි සහ Bloom box වැනි ක්‍රම හරහා මිනිසුන් ඕෆ් ග්‍රිඩ් යාම, “සක්කරයාගේ පුතා වයිමා”, ආවත් නවත්වන්නට නොහැකි වනු ඇත.  

දැන් රාත්‍රී කාලය කුමක් වේද ? සූර්ය පැනල වලට හිරු එළිය වැටෙන්නේ නැති නිසා ඉන්වරටර වලින් ග්‍රිඩ් එකට ලැබෙන බලයක් නැත. එවිට ඉහත කී පොම්ප බලාගාර මගින් ඒ අවශ්‍ය ශක්තිය විදුළියට හැරවිය හැක.    

මෙය කොලබ- මාතර මහා මාර්ගයට පමණක් නොව කිලෝ මීටර් 1500 ක් පමණ දිගට ඇති LT පරිපථය ඇති ගාළු පාරටද භාවිතා කල හැක. දකුණු පළාතේ ඇති 11 kV පරිපථයේ දිග කිලෝ මීටර් 3000 ක් පමණ වේ. මේ සියළු පරිපථ වල LT පාර්ශවයට කිසිම අවුලක් නැතිව සූර්ය පැනල සහ ඉන්වර්ටර සවි කල හැක.

දැන් ඊළඟට බැලිය යුතු වන්නේ කොතරම් ප්‍රමාණයක් මේ සූර්ය පැනල සම්බන්ද කල හැකිද යන්නය.

සූර්ය පැනල සවි කිරීමේ සීමාවක් තිබේ. සාමාන්‍යයෙන් ගතහොත් LT Transformers වල බල ශක්තිය , කොලබ-මාතර, කොලබ නුවර, නුවර -යාපනය, නුවර මඩකළපුව යන බල ශක්තිය 4000 MW ඉක්මවයි. එසේ හෙයින් මේ සියළු මහා මාර්ග එකතු කල විට, පද්ධතිය අස්ථාවර නොවී සූර්ය පැනල වල බල ශක්තිය 1000 MW පමණ වනතුරු එකතු කල හැක.      

මේ කියන ලද කිසි දෙයක්, විදුළි බල මණ්ඩලයේ සිටින, ගෞරවනීය, උගත් ඉංජිනේරු මහත්වරුන්ට අළුත් දෙයක් නොවේ. හුදෙක් සාමාන්‍ය තර්කනයක් පමණි. එහෙත් අබුද්දස්ස කාලයේ කළු ගල් උඩ පාවෙමින්, ගොම වැරෑටි ගිලෙන හෙයින් මේ ලිපිය ලීවෙමි.

තොප්පිය හරි එවුන් දමා ගත්තාට වරදක් නැත. ඒ ආකාරයේ අය, “වැස්ස නැති වියළි නවම් මාසයේදී පොල් ගස්වල අතු නවයක් වැටෙනවා”… යයි කියන ගැමි වහර සේ, සීඝ්‍රයෙන් ලාභ වන පුනර්ජනන බල ශක්ති ප්‍රභවයන් ඉදිරියේ, නිවෙන තරු සේ නැතිවී යනු ඇත.    

විමධ්‍යගත විදුළි බලය ගැන සිහින මවන අයට යමක් අලුතෙන් හිතන්නට පහත දැක්වෙන දේ දමා, ලිපිය අවසාන කරමි. පලවන කොමෙන්ටුවේ රොබර්ට් මහතා කියන්නේ කුමක්දැයි බලන එක වටී.  

‘We need a decentralised and then a digitalised energy system because, at the end of the day, it is about having a future on this planet for our next generation’

– ROBERT KLAFFUS

https://www.facebook.com/groups/804276106323782/permalink/1812799658804750/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: