සැම්බියාව 3: වික්ටෝරියා දිය ඇල්ල

Untitled3

UntitledUntitled4Untitled5       වික්ටෝරියා දිය ඇල්ල, මීට වසර මිලියන එකසිය පනහකට පමණ පෙර සැම්බසි නදිය හරහා ඇතිවුණු ගිනි කන්දක් හේතුවෙන් ඇතිවුනු පැල්මක් නිසා නිර්මාණය වුනා යයි සොයාගෙන තියෙනවා. මේ ගංගාව වැටෙන්නේ ඒ විවරයටයි.  ඇල්ල වැටෙන ශබ්දය, හෙණ දහසක් එක වර පිපිරෙනවා වගේ. සිම්බාබ්වේ සහ සැම්බියා දේශ සීමාවේ මේ ඇල්ල තියෙන නිසා, එය මේ රටවල් දෙකටම අයිති වෙනවා. සැම්බිසි ගංගාව සැම්බියාවේ වයබ දෙසින් සිම්බාබ්වේ දෙසට ගලා යනවා. මේ ගඟ ඉන්දියන් සාගරයට වැටෙන්නට පෙර රටවල් දහයක් හරහා ගලා යනවා.

ඇල්ලේ පළල කිලෝ මීටර 1.7 ක් වන අතර ලෝකයේ ඇති දිය ඇළි වලින් වර්ෂා කාලයේදී වැඩිම ජල ධාරාවක් වැටෙන දිය ඇල්ල මෙය වෙනවා.

එම ප්‍රමාණය හිතාගන්නත් බැරි ආකාරයකට, තත්පරයකට වතුර ලීටර් මිලියන දහයක් පමණ වේ. මේ ප්‍රමාණය, නයගරා දිය ඇල්ලට වඩා මිලියන තුනකටත් වඩා වැඩිය. ඒ වැටෙන ප්‍රමාණය සහ මීටර් 110 ක් පමණ පහළට වැටීමේ ඇතිවන ශක්තිය නිසා , එසේ වැටෙන ජළය කුඩා අංශු වලට බිඳේ. මෙහෙයින් එම ජළ අංශු ඉහළට පැමිණ වැහි වළාකුල් නිර්මාණය සිදුවී එම ඇල්ල ඇති ප්‍රදේශයේ අනවරත වර්ෂාවක් ඇති වේ.     Untitled6මේ වර්ෂාව පසුගිය අවුරුදු මිලියන 150 තුලම ඇති වෙන්නට ඇත . ඔබ මේ ළිපිය කියවන වෙලාවෙත්, ඒ වැසි වළාකුළු අනවරතයෙන් එහි ඇති වේ.  හොඳට නා ගන්න අවශ්‍ය නැත්නම්, දිය ඇල්ල බැලීමට යන සංචාරකයන් කුඩ උසුලා ගෙන හෝ, වැහි කබා හැඳ දිය ඇල්ල බලන අතර මේ අනවරත වර්ෂාවෙන්ද මිදිය හැක. පසුගිය වසර මිලියන 150 තුලම මේ වර්ෂාව සිදු වන්නට ඇත.

බොහෝ විට ලෝකයේ මෙසේ පොළවෙන් වළාකුළු නගින එකම ස්ථානය වික්ටෝරියා දිය ඇල්ල විය හැකිය. නොනවත්වා වැසි ලැබෙන හෙයින්ම, ලෝකයේ කිසිම තැනක නොදැකිය හැකි ආකාරයේ තුරු ලතා මේ ප්‍රදේශයේ වැවේ. මේ හේතුව නිසාම ‘වැසි වනාන්තරයක්ද’ (Rain forest) පසු ගිය වසර මිලියන 150 තුල මේ අවට ඇතිවී තියෙනවා.

ඔය එක පින්තුරයක පෙන්වන මහා වනය, ඒ කැලෑවෙන් කොටසක්. ඊට ඉහළ ඇති වළාකුල දිය ඇල්ල නිසා අනවරතයෙන් හැදෙන වැහි වළාකුලුයි. ඒ වළාකුළු ගුළියක් සේ පොළවෙන් අහසට ඇදෙනවා, කිලෝ මීටර් තිහකට පමණ ඈතින් සිට වුවද දැකිය හැකි වෙනවා.

වර්ෂ 1855 දී එංගලන්තයෙන් පැමිණි ලිවින්ග්ස්ටෝන් නැමැත්තා, අප්‍රිකාවේ සිටින ස්වදේශිකයන් සමඟ මේ ස්ථානයට පැමිණ, එවකට එංගලන්තයේ රැජින වූ වික්ටෝරියා ගේ නම මේ ඇල්ලට දුන් බව කියැවේ.  ඒක හරියට අගේට තිබුණු අපේ ‘බතලේගල කන්දට, සුද්දා ‘බයිබල් රොක්’ කියන නම දුන්නා වගේ. එහෙත් ඒ කාලයේ සුද්දා යන යන තැන, සුද්දාගේ නම් අලවන සිරිත තිබුණු නිසා මේ දිය ඇල්ල ප්‍රචලිත වුනෙත් ඒ පැරණි නමෙන් නොවේ. එය පසුව එංගලන්ත රැජිනගේ නමින්, එනම්, ‘වික්ටෝරියා දිය ඇල්ල’ ලෙසින් ප්‍රචලිත වුනු අතර, පසුව යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස හඳුනාගෙන ඇති දෙයක් වෙනවා.

එංගලන්තෙන් පැමිණි ලිවින්ග්ස්ටෝන්, ඇල්ල ගැන මෙසේ කියා තියෙනවා. “ අප්‍රිකාවේ මා දැක ඇති, සුන්දරතම දර්ශනය දුටුවෙමි. මෙවැනි දර්ශනයක් එංගලන්තයේ කිසි තැනක දකින්නට නැත. මේ දිය ඇල්ල අසල සුරංගනාවියන් සිටිනවා විය යුතුය”. මේ දිය ඇල්ලේ නියම නම වන්නේ, ‘මොසි-ඕ-ටුන්යා’ ලෙස මේ පළාතේ සිටින ‘කොලොලා’ ගෝත්‍රික ස්වදේශිකයන් විසින් අතීතයේ සිට භාවිතා කරන නමයි. එහි තේරුම ‘ගොරවන දුම’ යන්නයි. එය වඩා ගැලපෙන නමක් බව මේ ඇල්ල අසලට ගිය විට පෙනෙනවා. ඇල්ලෙන් කිලෝ මීටර ගාණක් එහා සිටින විටත්, අමුතුම ආකාරයේ දුමක් පොළවෙන් මතුවන බවත්, ඉන් පසු ඒ දුම වළාකුළු වලට හැරෙන බවත් පෙනෙනවා.

ස්වදේශිකයන් ‘දුම’ ලෙස කියන්නේ, ඇල්ලෙන් අහසට නික්මෙන ජල වාෂ්ප ධාරාවටයි. ලෝකයේ බොහෝ කලාතුරකින් තැනෙක ඇතිවන ‘සඳ එළියෙන් ඇතිවන දේදුන්න’ යන්න (Lunar rain bow ) මෙහි අවුරුද්දේ මාස කීපයක් තුල බලා ගන්න පුළුවන්.

ඇල්ලේ දිග කිලෝ මීටර් 1.7 ක් වන නිසා සම්පූර්ණ දිය ඇල්ලම, වෙනත් දිය ඇලි මෙන් නරඹන්නට බැහැ. සම්පූර්ණ ඇල්ල බලන්නට නම් අහසේ සිට බලන්නට කුඩා ගුවන් යානයකින් යන්න වෙනවා. අනෙක් දේ, දිය ඇල්ල සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල් දෙකකට අයත් වෙනවා. එහෙම වෙන්නේ, ඇල්ල ඒ රටවල් වල දේශ සීමාවේ තියෙන නිසා. අනෙක අහසේ සිට ගත් පින්තූරය අනුව, ඔය දිය ඇල්ල වැටෙන එක තැනක සිට අනෙක් කොනට පළල කිලෝ මීටර් 1.7 ක් වෙනවා.

එක් පින්තුරයක පාලමක් තියෙනවා. ඒ මෙම රටවල් දෙක එකට යා කරන පාළමයි. ඒ පින්තුරයේම මීදුමක් වගේ දෙයක් ඔබ දකීවි. ඒ මීදුමක් නොවේ. එය මුලින් කී ආකාරයේ ඇති වූ සම්පූර්ණ වැහි වළාකුලක්. මේ දැවැන්ත දිය ඇල්ල කොපමණ ලොකුද කියා කියන්නට, පහත උදාහරණය තරමක් දුරට සෑහේවි. කුඩා ගණනයක් කල විට, මේ දිය ඇල්ල පහළට වැටෙන විට ඇතිවන ශක්තිය සොයා ගන්න හැකි වේවි. ඝන මීටරයක් මීටර් 100 ක් පහළට වැටෙන විට මෙගා වොට් 1ක බලයක් උපදිනවා. [මෙගා වොට් තත්පර එකක් හෙවත්, මෙගා ජූල් එකක් තැනීම සඳහා ඝන මීටරයක වතුර ප්‍රමාණයක් මීටර් 100ක් පහතට වැටිය යුතුය.]

මෙහි එක් තැනක ‘යක්ෂයාගේ තටාකය’ (The devil’s swimming pool’) ලෙස හඳුන්වන වතුර එක් රැස් වෙන තැනක් තියෙනවා. ඒ සථානය ඇත්තේ , ඇල්ල වැටෙන එක තැනකට උඩින්. එතනින් පහළට මීටර් 128ක් දිය ඇල්ල කඩා වැටෙනවා. වතුර අඩු කාලයට එතන නාන්නට සමහර අපරික්ෂාකාරී විදේශ සංචාරකයන් යනවා. හැබැයි, වැරදිලාවත් පහළට වැටුනොත්, කෑලිවත් ඉතිරි වන්නේ නැහැ.

ප.ළි.:- මේ ළිපිය මා මුල් කාලයේ සැම්බියාවට ගිය කාලයේ ලියු ළිපියකි. කුමක්දෝ පිටුවක මෙය දැම්මා මෙන් මතකය. නැවත ප්‍රචාරයක් නම් සමාවෙන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: