වත්තල විත්ති

walking_path_stroller

වත්තල විත්ති

 

කෝකිල සංදේශය, තිසර සංදේශය සහ හංස සංදේශ තුනේම කියවෙන ලංකාවේ පුරාණ නගරය සහ තොටුපළ කුමක්ද? ඒ වත්තලයි. බලන්න, මෙන්න මේ ආකාරයට ඉහත සංදේශ කාව්‍යයන් හී වත්තල ගැන කියවෙනවා.

කෝකිල සංදේශය -අඟනුන් ගැන –

“වත්තල කුසුම තුඟු …නැහැ වොරැඳි සම සඳ
“වත්තල පල නිමල …පියයුරු බරිනි නද
“වත්තල නළල සුදිළිය …ලිය රැඳී නොමඳ
“වත්තල සොඳුරු සිරි දැක …යන මඳක් ඉඳ

තිසර සංදේශය -නැවතත් වත්තල අඟනුන් ගැන සහ වත්තල සිරිය කියමින්,

“නෙතු නිල් උපුල් …යහනත කුසම වත්තල
“වරඟන වොරැඳි … සරහණ නළල වත්තල
“නන් දේශි නොසල … සතහට සෙතට වත්තල
“බල සහ තොසින් සව් … සිරි නුදුලු වත්තල

හංස සංදේශයේ වත්තල වෙළඳුන්ගේ ස්ථානයක් කියනවා.

“කොළබ විසල් වත්තල් …පුන් තුරු වෙති
“නරබන යනෙන වෙළඳුන්… ඔරු පාරු වෙති –

මේ සියලුම විස්තරයන්ගෙන් කියවෙන්නේ, වත්තල යනු බොහෝ ප්‍රකට ස්ථානයක් බවය.

සාන්ත බස්තියන් ඇළද වත්තල හරහා යයි. එදා ද එහි ඔරු පැදි “සෙලෙස්තිනා සහ සාන්ත බස්තියන් ඇළ “ ප්‍රසිද්ධ වන්නට ඇත. අවාසනාවට වත්තල හරහා යන මේ ඇළ නොසලකා හැර පසුගිය දශක කීපයක සිට පිරිසුදු තත්වයකින් නොතිබිණ. මේ ඇළ පසුගිය ආණ්ඩුව සමයේ තරමක් දුරට පිළිසකර කළද අද තත්වය නම්, එය අමතක කර ඇති බවය.

වත්තල පැරණිම ග්‍රාම නාමය වුයේ, ‘වත්ථු ශාලා’ යන්නය. එය හල් වී වත්තල යන්න ඇති වූ බැව් භාෂා විශේෂඥයන් කියති. වත්තල ඇති පුරාණ තොටුපල හරහා ඉංග්‍රීසින් විසින් අල්ලා ගත් රාජසිංහ රජතුමා පිටුවහල් කල බව ප්‍රකාශිතය. මේ පිටුවහල් කරන අතර වාරයේ, රාජසිංහ රජතුමන් වත්තල තොටුපල අසල පැරණි නිවසක සිටි බව කියැවේ.

වත්තල හන්දියේ සිට තොටුපලට යන පාරට මුල් කල කියූ නම, ‘ශ්‍රී වික්‍රම රාජසිංහ’ මාවත වුවද දැන් ව්‍යවහාර කරන නම් එය නොවේ යයිද කියයි.

මේ අතර, ඔබ ඔය දකින ලස්සණ පදික වේදිකාව දැන් ඔතන නැහැ. ඒක් වෙනම කතාවක්. ජෝන් අමරතුංග ගෙන් ඒක අහගන්න එක් වඩා හොඳයි …

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: