ඇටි කෙහෙල් කෑ උගුඩුවා සහ මත් ද්‍රව්‍ය.

මෙන්න ඇටි කෙහෙල්.

අප කී දෙනෙක් ඇටි කෙහෙල් දැකලා තියෙනවාද? ‘ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ’ එහෙම නැත්නම් ‘ඇටි කෙහෙල් කන්න යන තවත් උගුඩුවෙක්’ …කියලා ගමේ ගොඩේ කියන උපහැරණ අහාලා තියෙනවානේ?… ඇටි කෙහෙල් කෑවාම උගුඩුවාට මොකද වෙන්නේ කියා දන්නවාද?… ඉස්සෙනවා-පාත් වෙනවා. රෑට දැක්කොත් හොල්මනක් කියලා තමා හිතන්නේ. මළ පහ කර ගන්න ලොකු වෙහෙසක් දරනවා. සමහරවිට උගුඩුවා මළ පහ කර ගන්න බැරිව මැරෙනවා කියා කියනවා.

කොච්චර දුකක් වින්දත් උගුඩුවා ඇටි කෙහෙල් දැක්කොත් ආයෙත් කනවා. මෙහෙමයි ඒක වෙන්නේ. මේක උගුඩුවෙක් මට කිව් නිසා ඇත්තම වෙන්න ඕනා. ඔන්න ඉතින් උගුඩුවාට කෙහෙල් ගෙඩිවල සුවඳ දැනෙනවා. ඉතින් හිතනවා, ‘ගහ ලඟින් යනවා මිසක කව්ද ගහට නගින්නේ ?.. කියලා. ගහ ලඟට ගියාම හිතනවා, ‘ඔන්න ඔහේ ගහට නැගලම බලනවා. ඒ වුනාට කව්ද රස බලන්නේ ?… කියලා. ගහට නැග්ගම හිතෙනවා, ‘කමක් නැහැ, පොඩ්ඩක් විකලා රහ බලනවා, ඒ වුනාට ගිලින්නේ නම් නැහැ’ කියලා. අන්තිමට උගුඩුවා මේක කනවා. කාලා කියනවා, මේව කෑවට කව්ද යකෝ, රෙ-නේ කියලා.

කුඩු වලට ඇබ්හැහි වුනු හිතවතෙක් හමු වෙලා මේ ටික ලියන්න හිතුනේ. ඔහු කුඩු කියන්න මොනවාද බලන්න උත්සාහ කල අතරේ මෙය වෙලා තියෙන්නේ. කිසි දවසක මෙවැනි දේවල් දෙස බැලීම වත් නොකළ යුතු වෙනවා. මෙන්න මේ හේතුව නිසා ගංජා [(මැරුවානා හෙවත් කැනබිස්, හෑශ් (ඒ කියන්නේ ගංජා ශාඛයේ බල්බය)] නෙදර්ලන්තයේ නීති ගත කර තියෙනවා. එයාලා ගේ තර්කය වෙන්නේ, ඇබ්බැහි වෙන්නට එතරම් හේතුවක් නැති මත් ද්‍රව්‍ය සමාජයේ තියේ නම්, අනෙක් භයානක මත් ද්‍රව්‍ය වලට මිනිසුන් ඇබ්බැහි වෙන්නේ නැහැ කියන එකයි. විශේෂයෙන් තරුණ අය මේවා කෙරෙහි කුතුහලය නිසා ඇබ්බැහි වෙනවා. ඕක ඔච්චර දෙයක් නොවේ කියා දැන ගත්තාට පසු, ඒ ගැන තරුණ අය සොයනවා අඩුයි. නෙදර්ලන්තයේ හෙරොයින් වැනි භයානක මත් ද්‍රව්‍ය තරුණ පරම්පරාව අතර අඩු මේ නිසා කියනවා.

මේ හා සම්බන්දව ඇමරිකාවේ අවාසනාවන්ත ඉතිහාසගත සිදුවීමක් තියෙනවා. එහි ගංජා නීති විරෝධී වුනේ නැහැ. ඒ සමාජයේ කළු ජනතාව අතර අපරාධ මට්ටම වැඩි වුනා. එමෙන්ම ඒ කළු මිනිසුන් අතර මේ දේවල් වැඩියෙන් භාවිතා වුනා. ඒ අපරාධ වැඩිවෙන්න හේතුව ගංජා නොවේ කියා බොහෝ අය කියනවා. ඒ කියන්නේ මධ්‍යසාර භාවිතා කරන අයට සාපේක්ෂව. නමුත් මේ අපරාධ කරන මිනිසුන් අල්ලා ගන්නට ගංජා තහනම ඇති කලා කියා කියනවා. 60-70 දශකයේ සිටි ඉතා දක්ෂ ගිටාර් වාදකයෙක් සහ ගායකයෙක් වන ‘ජිමී හෙන්ඩ්රික්ස්’ ගේ කාලයේ, මේ තහනම නිසා බොහෝ කල්ලන් හිර භාරයට ගත්තා. […If 6 was 9, Who knows, Freedom වගේ ලෝකයේ ඉතා ජනප්‍රිය වූ සිංදු ඔබට අන්තර් ජාලයේ බලන්න පුළුවන්. ගිටාර් වාදනය කරන පිටුවේ සිටින අය මේ ඇති දක්ෂ ගායකයා ගැන දන්නවා ඇති. රොක් ගිටාරය වෙන මඟකට ඔහු ගෙනාවා. ඒක වෙනම කතාවක්….]

මත් ද්‍රව්‍ය දෙවර්ගයක් තියෙනවා. එකක් ඒවා ගත් විට, ශරීරයට ඒ මත් ද්‍රව්‍ය අවශ්‍ය වීම. අනෙක් දේ ඒවා මනසට අවශ්‍ය වීම. උදාහරණයක් කීවොත් හෙරොයින් සහ දුම්කොළ ශරීරයට අවශ්‍ය වෙනවා. මනසට අවශ්‍ය දේ තීරණය වෙන්නේ එක් එක් පුද්ගලයා ගේ ආකාරය අනුවයි. හැබැයි, මෙය හැම කෙනෙක්ටම අදාළ වන ඉතා දෘඩ නීති මාලාවක් නොවේ. ශරීරයට මත් ද්‍රව්‍ය ඇබ්බැහි වුනත්, මනස පාලනය කර ගත්තොත් ඒවායින් පසුව හෝ වළකින්න පුළුවන්. දෙමාපියන් ගේ රැකවරණය, ඇල්ම බැල්ම නැති තරුණ අය මේ මත් ද්‍රව්‍ය වලට වඩාත් ඇබ්බැහි වේවි. වැඩියෙන්ම තමන්ට ආදරය කරන්නේ ‘තමා’ පමණක් බව බුදුන් වහන්සේ වදාළා තියෙනවා. ඉතින් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ඒ තමාට ආදරයක් නැති කෙනෙක් පමණයි.

[…පසු වදන : – තරුණ කාලේ ගංජා ගහලා අහුවෙලා, තාත්තා මට කණ පැලෙන්න ගැහුව දිනේ සිට, අද වන තුරු ඒවා ඇල්ලුවේ නැහැ …]

ඉතින් ඕක මගේ හිතවතාට පමණක් නොව, උගුඩුවාට පමණක් නොවේ අපටත් වෙන්න පුළුවන්. ඒ වාගේම මත් ද්‍රව්‍ය පමණක් නොවේ කෙනෙක්ව මත් කරන්නේ. තව බොහෝ දේවල් තියෙනවා. ඇටි කෙහෙල් ගැන විතරක් නොවේ, සුවඳට හා ලස්සණට මෙන්ම නිවැරදි යයි පෙනෙන සංකල්ප ආගම් වැනි වෙන වෙන දේවල් ගැන මේ කියන්නේ. එහෙම අවස්තාවක් ආවොත්, මේ ඇටි කෙහෙල් කැනේ පින්තුරයක් මුද්‍රණය කරලා ළඟ තියා ගන්න. ඇටි කෙහෙල් කතාව මතක තියා ගත්තොත්,… ජීවිත ගමන පරෙස්සමෙන් යන්න හැකි වේවි.

“When the power of love overcomes the love of power, the world will know peace – Rock Guitarist, “Jimi Hendrixs “…

 

“ ආදරයේ බලය, කිසි දිනක ‘බලයට ඇති ආදරය’ මැඩ පවත්වන දිනයේ, ලෝකය සාමය යනු කුමක්දැයි හඳුනා ගනු ඇත.”. …-රොක් ගිටාර් වාදක ජිමි හෙන්ඩ්රික්ස් –

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: