ගෑණු ටොක්ක

 ගෑණු ටොක්ක

මෝඩකම තිබුනත් – කොයි කොයි වැඩත් දන්නා – අඹු සිඟිත්තට බිය – කෙනකි මේ ‘කිරි බබා’ කවදත්…

තලෙළුවන් හැඩ ඇති – පියඹට වයස විස්සෙකි – ඇය මොනවා කලත් – කිරි බබා නම් නැහැ කිපෙන්නේ…

හැටක් වයසැති මොහු-ඩිංගක්වත් නිකම් නැහැ- එහෙත් අඹු ගෙන් ටොකු – නොකන දවසක් ඇතොත් පුදුමෙකි…

හරිහම්බ කෙරුවත් – දිනපතා දර මිටියක් – නොදෙතොත් ලිප ලඟට – සොඳුරගෙන් ටොකු කන්න වෙනවා…

ලිඳට ගොස් නාලා – බැරි වෙලාවත් දවසක – හිස් කළය ගෙන වුත්- තැබුවහොත් ටොක්කයි ලැබෙන්නේ…

ඈ පිසින හැමකෙක් – හොඳ රසයයි නොකීවොත් – බත් කකා සිටියත් – ටොක්ක නම් ලැබෙනව නොවැරදී…

බත් කෑවයි කියා – දවසක් අත නොසෝදා – පියඹ රැවුලෙන් ගෙන- මහ වැරෙන් කම්මුලට ගැසුවා…

හැමදාමත් මෙහෙම – ගුටි කන්න පිළිවන්ද – කියා එල්ලෙන්නට – එදා කඹයක් සොයා ගත්තා…

අඹුවට පෙනෙන ලෙස – කඹ පුඩුව ගෙලවටලා – දිව අවුත් බිම සිට – අනික් කොන දෙල් ගහක බැන්දා…

සිය හිමිටත් වැඩිය – සෙනෙහෙ බැඳ සිටි ‘රන් කිරි’- නමැති මැගෙ සොර සැමි – මෙවිටමත් ගෙට අවුත් ගොඩ වුණි…

මේ සිරි මලිත්තී – ‘රන් කිරි’ කණ ලඟට කර – එල්ලෙන හැටි කියා – එන්න යයි ඔහු පිටත් කෙරුවා…

රන්කිරිත් මිදුලේ – තිබුණු වංගෙඩි කොටයක් – දෙල් ගහයට තබා – කිරි බබෝ මේ මොකොයි පිළිවිසි…

දෙල් ගහ වටේ යන – කිරි බබා හිස ඔසවා – රන් කිරෝ මම අද – එල්ලිලා මැරෙනවයි කීවා…

එල්ලෙන්නෙ ඔහොමදැයි – මම එය කියා දෙන්නම් – කියමින් රන් කිරා – කිරි බබාගෙන් කඹය ඉල්ලා…

කඹය උඩ අත්තක බැඳ – බැඳ වංගෙඩිය උඩ නැග කඹ පුඩුව ගෙලලා – වංගෙඩියෙ ගුරු කම කියද්දී…

වංගෙඩිය පෙරළී – රන් කිරි ට පෙව් රන් කිරි – රස දැනී දඟලත් -කිරි බබාටත් තරු විසිවීලා…

මෙච්චර බියංකර – එකක් නම් එල්ලෙන එක – අප්පොච්චියේ මට -බැහැ කියා ඔහු ගෙදර දිව්වා…

හොඳ ගෑණු, හොඳ මිනිස්සු හොයන්න,… කසාදෙ පස්සට දාන කොල්ලන්ට සහ කෙල්ලන්ට කතාවක්. මේ ලෝකේ කිසිම යුවලක් 100% ක් මැච් වෙන්නේ නැහැ. සාමාන්‍ය තරමකට සෙට් වෙනවා නම් බැඳ පල්ලා … නැත් නම් කිරිබබාට වෙච්ච දේ තමා වෙන්නේ…

පසු වදන :- … මේ කවිය ඇති ‘කතා කවිත්ත’ නම් කවි 17ක් ඇති කවි පොතේ එක් පින්තූරයක, ‘මහගම සේකර’ යයි ලියා තිබුනා මතකයි. මේ එක් ආරකට යන පින්තූර, එක් පුද්ගලයෙක් ඇඳි පින්තූර බව ඔබට පෙනේවි. මේ කවි පොත අඩුම ගානේ අවුරුදු 50 ක් වත් පරණයි. පොතේ කවරය නැහැ. කව්රු මේවා ලිව්වද දන්නේ නැහැ. සමහරවිට මෙය මහගම සේකර මහතාගේ තරුණ කාලයේ කෘතියක් වෙන්න පුළුවන්. හැකි විදියට ඒ නිර්මාණ කොපි කර පල කරන්නම්…

පසුවදන 2:- මහල්ලන් තුරුණු බිරියන් විවාහ කර ගැනීමේ විපාක, ‘වෘද්ධෂ්‍ය තරුණී විෂම්” යන පඬු වදන සනාථ කිරීම, මෙවැනි ගැමි මහල්ලන් නුනුවණයන් වූ විට අනුන්ගේ සිනාවට ලක් වීම, අවසර ලත්වන වරදේ බැඳීම වැනි දේ මෙන්ම අඹු සොඬ මහල්ලන් කොතෙක් බිරියන් රැකුවද, තුරුණු බිරියන්ගේ සිත බැහැරට යන බව මෙයින් පෙන්වයි. මිනිසුන් මහළු කල, ඉතා තරුණ බිරියන් පාවා ගැනීමෙන් ලෝකයාගේ සමච්චලයට භාජනය වන බව සමහර ආගම් කතු වරුන්ගෙන්ද පෙනේ. එමෙන්ම තරුණ ‘රන්කිරියා’ ගේ අනුවණ බව හෙවත් අසත් පවේ විපාකය පෙන්වීමට, සත් දහම නැගී සිටියේද යන්න ඔබ විසින් තීරණය කළ යුතුය…

… මේ කවි ලියා ඇති භාෂාව සහ එහි සිටින අය ඔබ නිරීක්ෂණය කලා යයි සිතමි. ‘කිරි බබා’ , ‘රන්කිරි’ මෙවැනි නම් ඇති අය වගේම ‘වංගෙඩියත්’ අද ලංකාවේ හොයන්න අපහසුයි. එයින් පෙනෙන්නේ මේ කවි ලියූ කාලයයයි…. අනෙක් දේ, කවියක ‘එළි වැට’ තියෙන්නම අවශ්‍ය නැහැ. මේ කාලයේ නිසඳැස් කවි ක්‍රමයෙන් ජනප්‍රිය වූ කාලයයි. ඒ ‘එළි වැට’ තිබුනේ නැතත්, මේ කවි උසස් තත්වයක ඇති බව පෙනෙනවා ..

පසු වදන 3 :- අවාසනාවට මේ අවසාන කවියයි. හැකි නම් මේ පොත හොයාගෙන බලන්න. පරණ පොත් ගොඩවල් වල තියෙන්න පුළුවන්…

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: