වාහන විත්ති 177 : ඇලෝයි වීල් සහ එම වීල් වල හැඩය.

ඇලෝයි වීල් වාහනයකට තිබීමේ හෝ සාමාන්‍ය රෝද ඉවත් කර අලුතෙන් දැමීමේ වාසි කිහිපයකි. ඇලෝයි වීල් තනන්නේ ඇලුමීනියම් ලෝහයෙන් හෝ එහි මිශ්‍රණයකින් නිසා, සාපේක්ෂව අනෙක් රෝද වලට වඩා එහි එහි බර අඩු වේ. එසේ හෙයින් ඇලෝයි වීල් භාවිතයේදී බ්රේක් කිරීමට මෙන්ම වාහනය ත්වරණය සඳහා අවශ්‍ය ශක්තිය අඩු වීම සිදු වීම හේතුවෙන්, රථයට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය අඩු වීම සිදු වේ.

ඇලෝයි වීල් වල ඇති තවත් වාසියක් නම් කුඩා ගැටීම් වලදී, එනම් වාහනය වළකට වැටුණු විට වැනි අවස්ථාවක එය ඇද වීමට ඇති හැකියාව අඩු වීමයි. එනම් එය ශක්තිමත් වේ. එසේ හෙයින් ඇලෝයි වීල් ඇති වාහන වල රෝද සමබරතාවය හෙවත් වීල් බැලන්ස් කිරීමට එතරම් කරදර විය යුතු නැත. මේ අතර ඇලෝයි වීල් වලින් වාහනයකට ලස්සණ පෙනුමක් ගෙන ඒමද සිදුවේ.

දැන් කියන්න ඇත්තේ නම්, විස්තරයකට වඩා ප්‍රශ්ණයකි.

මේ පින්තුරයේ දමා ඇත්තේ පෝෂ් කැරෙයිරා 911 වර්ගයේ වාහනයක පිටුපස ඇලෝයි වීල් එකක පින්තුරයකි. වාහනයට බලය දෙන්නේ පසු පසෙනි. එනම් එන්ජිමේ බලය පසු පස රෝද වලට යෙදේ. එහෙත් එහි ඇතුලේ හැඩය කෙලින් නැති බව පින්තුරය මත ඇඳි රේඛාවලින් ඔබට පෙනෙනු ඇත. එයට අනිවාර්ය හේතුවක් තිබිය යුතු නමුදු , නියම හේතුව තවමත් සොයා ගන්නට නොහැකි විය. මේ වාහනයට දමන ටයර් වල දෙපැත්තේ විෂ්කම්භය එකම වේ. එහෙත් ඇලෝයි වීල් එක ඇතුලේ ඇති වාත පරිමාවේ හැඩය අමුතු හැඩයකි.

එයට හේතුව ආර්ථික හේතුවක් නම් නොවේ යන්න අනුමාන කල හැක. මේ වාහනයේ නිෂ්පාදනයේ පරමාර්ථය, ආර්ථික ලාභයක් සඳහා නොවන හෙයිනි. ඔබ යමෙක් මෙයට හේතුව දන්නේ නම් අනෙක් අයටද කියන්න. ස්තුතියි …

AB සහ CD දිගවල් එක හා සමානය. PQ සහ RS දිගද එක හා සමාන වේ.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: